Friday, November 9, 2012
වැලිකඩ බන්ධනාගරය යුද පිටියක් වේ.(Walikada Jail mayhem 2012.11.09)
ඊයේ සවස් වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැදවියන් හා එහි නිලාධාරීන් අතර ඇති වූ දැඩි ගැටුම් කාරී තත්වය හේතුවෙන් රැදවියන් 16 දෙනෙකු මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇත.
වාර්ථාවන අන්දමට සිද්දිය මෙසේය.වැලිකඩ බන්ධනාගාරය තුල කාලයක් තිසිසේ සිදුවන විවිධ වංචාකරී ක්‍රියා මැඩලීමෙ අරමුණින් බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ(9 දා) කල විශේෂ සෝදිසි මෙහෙයුමක් කර ඇති අතර එහිදී රැදවියන් ලග තිබී ජංගම දුරකතන කීපයක් සොයාගෙන ඇත.
මෙය නොරිස්සූ රැදවියන් සෝදිසි මෙහෙයුම අවසන් වනවාත් සමගම බන්ධනාගාර නිලධාරීන් බිය ගන්වා එහි ආයුද ගබඩාවට ඇතුලුවී නිලධාරීන්ට වෙඩි තබමින් හා ගල් මුල් ප්රහාරද එල්ලකර තිබේ. මෙම නිසා දෙපාර්ෂවය අතර දැඩි ගැටුමක් හට ගෙන ඇති අතර ගැටුම හේතුවෙන් පොලිස් විශෙෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී (නි.පොලිස්පති ) R.Wරණවන මහතාද බරපතල තුවාල ලබා ඇත.මේ නිසා බන්ධනාගාරයට බරපතල අලාබ හානි සිදු වී ඇති අතර රැදවියන් 5 දෙනෙකු පමන පැනගොස් ඇත.
බන්ධනාගාර තුල මත් කුඩු ජාවාරම්,විවිධ පාතාල නායකයින් ජංගම දුරකථන භාවිතාකොට සිය කල්ලි මෙහෙයවීම වැනි නොයෙකුත් නීතිවිරෝධී ක්‍රියා කාලාන්තරයක් තිස්සේ සිදුවන බව සැවොම දන්නා කරුනකි.නමුත් මේවාට විරුද්දව කටයුතු කරන නිලධාරීන් ට එරෙහිව අවි අතට ගැනීම මගින් අපරාධ කරුවන්ට නීතියේ ආධිපත්‍ය යට කල හැකිද?
Walikada Jail Mayhem
16 were killed and 43 were injured due to a conflict between prisoners and the police yesterday(Nov 9).5 prisoners have break out of the prison.This has occurred after a search operation done by the police STF unit in the Walikada prison.Several mobile phones were found from the mission.Aggressive prisoners have thrown stones at the police after the operation and then have attached the police with guns which were stolen from armory.
Labels:
Walikada Mayhem
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment