ඉතිහාසයේ ප්රථම වතාවට අපට පැරා ඔලිම්පික් පදක්කමක්.
ශ්රී ලංකා පැරා ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කිරීමට මෙවර 2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙලේදී ප්රදීප් සංජය ක්රිඩකයා සමත් විය.
එක් අතක් අප්රාණික ක්රිඩකයින් සදහා පැවැත් වෙන T-46 කාණ්ඩයේ 400m ඉසව්වේන් ලෝකඩ පදක්කම දිනාගැනිමට ඔහු සමත් විය.මෙම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත් ඔසිට්රියාවේ ගන්නර් මාටින් (ත. 48.45)කින් ද රිදි පදක්කම දිනූ බ්රසීලයේ යොහන්සන් නසිමොන්ටො (ත. 49.2) කාලයකින් තරගය නිමකල අතර ප්රදිප් සංජය (ත.49.28)කින් තරගය නිමකරමින් එහි ලෝකඩ පදක්කම ජයග්රහනය කිරීමට සමත් විය.
T-46 400m ඉසව්වේ ජගත් වර්ගීකරණයේ 5වෙනි ස්ථානයේ සිටින ප්රදිප් මෙහිදී ඉතා තියුණු තරග නිමාවකින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවත් ඔහුට රිදී පදක්කම ගිලිහී ගියේ තත්පර 0.07 කිනි.රණවිරුවෙකු වු ප්රදිප් සංජය 2008 මානුෂීය මෙහෙයුමේ යෙදී සිටින විට කිලිනොච්චි ප්රදේශයේ දී එල්ල වු මෝටාර් ප්රහාරයකින් ඔහුගේ වම් අතේ වැලමිටෙන් පහල ප්රදේශය අක්රීය තත්වයට පත් විය.
එදා රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැද ආභාධිත තත්වයට පත් වු මෙම රණවිරුවා අද කෙලිබිමෙහි ද හරි හරියට තරග කර ජයක්ග්රහන ගෙන එන්නේත් මවුබිම වෙනුවෙනි.සැබවින්ම ප්රදීප් සංජය රණවිරුවා ලාංකික සැමට මහත් අභිමාණයකි.
පහතින් දැක්වේන්නේ ඊට අදාල වීඩියෝ පටයයි.
No comments:
Post a Comment