කවුළුව News-කියවන්න දැනගන්න

Saturday, December 22, 2012

රවුෆ් හකීම් අධිකරණ ඇමති වුවට පසු නීති විද්‍යාල ප්‍රවෙශ විභාගය සමත් වන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාඅන්‍ය ලෙස ඉහලට..




රවුෆ් හකීම් මහතා අධිකරණ අමාත්‍ය දූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2011 හා2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුවී ඇතැයි
ජාතික විද්වත් සභාවේ සාමාජික නීතීඥ වයි.විමලසුරෙන්ද්‍ර මහතා ප්‍රකාශකර සිටී.
                                               නීතීඥ වෘත්තියේ ඇති ගෞරවය හා සමාජ පිළිගැනීම නිසා නීති විද්‍යාල ප්‍රවෙශ විභාගය අප රටේ පවත්වන ඉතාම තරගකාරී විභාගයකි.වසරකට මෙකී විභාගයට පෙනීසිටින සිසුන් සංඛ්‍යාව 7000ක් වුවත් එයින් තෝරාගනු ලබන්නේ සිසුන් 225ක පමණ පිරිසකි.එනම් 4%කටත් වඩා අඩු ප්‍රථිශතයකි.මෙම නිසා මෙහි ඇති තරගකාරී ස්වාභාවය මා ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

                                         රවුෆ් හකීම් මහතා මෙම අමාත්‍ය දූරය භාරගත් 2011 හා 2012 වර්ෂවල විභාග ප්‍රථිඵල ඉතාම අස්වාභාවිකය.2010 වසරේදී නීති ප්‍රවෙශ විභාගය සමත් වූ මුස්ලිම් සිසුන් ගණන 9ක් වුවත් 2011 හා 2012 වසර වල පිලිවලින් 51 හා 78ක් දක්වා වැඩිවී තිබේ.2012 වසරේ ප්‍රථම ස්ථාන 3ම ලබාගෙන ඇත්තේ මුස්ලිම් සිසුන් වන අතර මුල් 10 දෙනාගෙන් 6 දෙනෙක්ද මුල් 50 දෙනාගෙන් 28 දෙනෙක්ම මුස්ලිම් සිසුන් වීමත් එක ලග විභාග අංක ඇති මුස්ලිම් සිසුන් 20 දෙනෙක් විභාගය සමත් වීමත්මහත් පුදුම සහගත කරුණකි.
                                ජාතික විද්වත් සභාවේ සාමාජිකයින් පවසන ආකාරයට විභාග පැවැත්වීමේදී හා පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියේදී රවුෆ් හකීම් ඇමති වරයාගේ බලපෑම් මත මෙම තත්වය උද්ගතවී ඇති බවයි.


පසුගිය 10 වසර තුල විභාග ප්‍රතිඵල ඔබේ අවධානයට යොමු කරමි.

වසර       තෝරා ගත් මුලු         මුස්ලිම් සිසුන් ගණන
               සිසුන් ගණන

2003          208                  05

2004          212                  03

2005          269                  07

2006          249                  09

2007          247                  04

2008          261                  08

2009          242                  14

2010          237                  09

2011          238                  51

2012          309                  78


No.of Muslim students rises in Sri Lankan Law collage
No.of muslim students who pass the law entrance examination rices unusually in past 2 years after  Rauf Hakeem became minister of Justice.Mr.Y.Wimalasurendhra a layer and a member of national intelligence council said that they have doubts about these results of law entrance examination.

1 comment: