ඇමති මැරයාගේ මග යන පුතු
මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා තවත් ඔහුගේ සගයන් පිරිසක් විසින් සමාජ ශාලාවක් තුලදී උසස් හමුදා නිලධාරියෙකුට හා ඔහුගේ සහය නිලධාරියාට පහර දී තිබේ.
කොළඹ ජායික් හිල්ටන් ගොඩනැගිල්ලේ සමාජ ශාලාවකදී යුධ හමුදා බුද්ධි අංශ බළකායේ මේජර් වරයෙකු හා ඔහුගේ සහය නිලධාරියාට ද පහර දී මේජර් වරයා සතුව තිබූ රාජකාරී ගිනිඅවිය හා ජංගම දුරකතනය ද රැගෙන ගොස් ඇත.පසුව ඔහුගේ රියදුරු විසින් එය පොලිසියට බාර දී ඇත.දුම් වැටියකට ඇතිවු වචන හුවමාරුවක් දුරදිග ගොස් මෙම ආරවුල ඇතිවී තිබෙන බව දැනට අනාවරනය වී තිබේ.පහර කෑමට ලක්වූ හමුදා මේජර් වරයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහුගේ හිසට ශල්‍යකර්මයක් ද සිදුකල බව වාර්තාවේ.
(පහර කෑමට ලක්වු අයෙක්)
මාලක සිල්වා මීට පෙර ද සමාජ ශාලාවක සිදුකර ගැටුමක් නිසා අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකි.එම අවස්ථාවේ දී අධිකරණය විසින් ඔහුට රාත්‍රී සමාජ ශාලාවලට නොයන ලෙස තහනමක් ද පනවා තිබුනත් එයද උල්ලංඝනය කරමින් මොහු ක්‍රියා කරනුයේ සිය පියාගේ ගමන් මග අනුගමනය කරමින් නොවේද....?
No comments:
Post a Comment