කවුළුව News-කියවන්න දැනගන්න

Friday, December 21, 2012

සති 3 ක අනියම් පෙම නිසා බිරිදත් දරුවනුත් මරා පුලුස්සයි.




රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක ගිණි ගැනීමක් නිසා කාන්තාවක් හා ඇගේ දරු දෙදෙනා මියයාම පසුගියදා රටපුරා මහත් ආන්දොලනාත්මක සිදුවීමක් විය.එහි අවදානය තවත් වැඩි වුයේ මරණ පරීක්ෂණයේ දී මෙය මිණී මැරීමක් බව ඔප්පුවීමත් සමගයි.

                    මියගිය කාන්තාව ,ඇගේ දරු දෙදෙනා හා ඇගෙ සැමියා රාත්‍රීයේ නිදා සිටියදී ඔවුන් අතර ඇතිවූ ගැටුමක් නිසා  සැමියා විසින් පළමුව බිරිදගේ ගෙල සිරකර මරාදමා ඇති අතර මෙවිට කෑගැසීමට උත්සහ කිරීම නිසා වැඩිමහල් පුත්‍රයාගේද ගෙල සිරකර මරා පසුව මව කුඩා පුතුට කිරි දෙන ආකාරයට තබා ඉටිපන්දමක් ආධාරයෙන් මෙට්ටයට ගිනිතබා ඇත.මෙනිසා මසක් වයසැති කුඩා දරුවාද මියගොස් ඇත.
                                        තවදුරටත් අනාවරණය වී ඇති පරිදිසැකකරු නමින් මදුරංග ද සිල්වා වන රත්මලාන ප්‍රදෙශයේ ඇගලුම් කම්හලක සේවය කල උසස් නිළධාරියෙකි.ඔහු මීට සති 3 කට පමණ පෙර Facebook සමාජ වෙබ් අඩවිය ඔස්සේ හදුනාගත් අවු.20 ක සුරූපී ජාතියන්තර පාසල් ගුරුවරියක සමග අනියම් සබදතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඇය කොළඹදී නිතර නිතර හමුවී තිබේ.මෙය සිය බිරිදට ආරන්චිවීම නිසා සිදුවු ආරවුලක් මෙම ඝතන වලට මූලික හේතුව වී තිබේ.පොලීසිය පවසන පරිදි මොහු එතරම් හොද චරිතයකින් යුත් අයෙකු නොවන අතර මොහු නිතර නිතර සම්භාහන මධ්‍යස්ථාන වල පහස ලැබූවෙකු බවත්ය.
         නමුත් අවසානයෙදී සිදුවූයේමොරටුව වේල්ස් කුමරී විද්‍යාලයේ සේවය කල ගුරුවරියකට හා ඇගේ අවුරුදු 3ක හා මසක්  වයසැති කිරි කැටියාට අකාලයේ මියයාමට සිදුවීමයි.
 Wife and children murdered Golumadama,Rathmalana.
Mother and her 2 children were found murdered in their bed room in Golumadama ,Rathmalana.The suspect for the murder is the woman's husband who is identified as Maduranga De Silva.He has worked as an executive officer of a garment factory.According to the police,he had found a new girlfriend via facebook social network.When his wife found out about this affair,conflicts occur between the couple leading to the murders.

No comments:

Post a Comment