Monday, September 10, 2012
වෙලේ සුදාගේ කළු වැඩ
වෙලේ සුදාගේ කළු වැඩ
මහා පරිමාන මත්කුඩු ජාවාරම් කරුවෙකු වන බඩෝවිට වෙලේ සුදා නැමැත්තාගේ බිරිද කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවී ඇත.
අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ බිරිද ව්‍යජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ලංකාවට පැමිණ ඇති අතර අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඈ සන්තකයේ රුපියල් ලක්ෂ 90ක මුදලක් තිබී ඇත.පසුව ප්‍රශ්න කිරීමෙන් රහස් පොලිසිය විසින් කොළඹ සුපිරි නිවාස සංකීරණයක රැදී සිටි වෙලේ සුදාගේ ගෝල බාලයින් 5 දෙනෙකු ද මත්කුඩු තොගයක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී නවීන පන්නයේ කැබ්,කාර් හා ප්‍රාඩෝ රථ ද සොයා ගැනීමට හැකිවී ඇත.තවද ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මිලදීගත් ඉඩම් වල ඔප්පු 50ක් පමණ ද සොයාගෙන ඇත. කොළඹ ප්‍රදේශයේ පිහිටා ඇති සුපිරි නිවාස 16ක් ද ඒ අතර වේ.ලිවීමට හෝ කියවීමට නොදත් වෙලේ සුදා තම ව්‍යපරයේ ගිනුම් කටයුතු තම බිරිදට බාරදී ඇති බව පොලීසිය විස්වාස කරයි.
පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙලේ සුදා සතු කෝටි200 වත්කම් තහනම් කරන ලදී.මෙය ශ්‍රි ලංකාවේ දී තහනම් කරනු ලැබූ ඉහලම වත්කම් ප්‍රමාණයද වේ.සැකකරුවන් සියළු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර විදේශයක සැගවී සිටින වෙලේ සුදාද අත් අඩන්ගුවට ගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත් වයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment