කවුළුව News-කියවන්න දැනගන්න

Thursday, December 27, 2012

සා.පෙළ. විද්‍යා ප්‍රශ්න පත්‍රය පැන්නූ විද්‍යාවේ මහ ඇදුරු කොටු වෙයි.Story behind the O/L science parer leakage.


මෙවර අ.පො.ස.(සා.පෙළ ) විද්‍යාව පත්‍රයේ අඩංගු ප්‍රශ්න 19ක් ඒ ආකාරයෙන්ම තම ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කර බෙදාහරින ලද අමතර පංති ගුරුවරයෙකු අපරාධ පරීකෂණ දෙපාර්ථමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
                                        විද්‍යාවේ මහ ඇදුරු නමින් ගම්පහ, නිට්ටඹුව, මිනුවන්ගොඩ නගර වල අමතර පංති පවත්වන සම්පත් අත්තටගේ නැමැති ගුරුවරයෙකු විසින් තම සිසුන්ට ලබාදී තිබූ ප්‍රශ්න 50කින් සමන්විත ආදර්ශ ප්‍රශ්නපත්‍රයක ඔහු විශේෂ සලකුණක් (හිනා මූණක්)යොදා ප්‍රශ්න 22ක් ලබාදීතිබූ අතර  ඒවා අනිවාර්යයෙන්ම විභාගයට එන බව ඔහු පවසා ඇති අතරම  එසේ නොවුනහොත් එදාට තමන් පංති පැවැත්වීම නතර කොට එම නගරවල බඩගාන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
                      මහත් පුදුමයකි .ඔහු පැවසූ ප්‍රශ්න 22න් 19ක් ඒ ආකාරයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයේ පලවිය.විශය නිර්දේශයෙන් එහා ගිය සිසුන්ගේ සාමාන්‍ය දැනීම හා තර්කානුකූල හැකියාව මැනෙන ප්‍රශ්න 1ක් හෝ 2ක් සෑම වසරකදීම විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩංගුවීම සාමන්‍ය කරුණකි.මෙම අමතර පංති ගුරුවරයා මෙම ප්‍රශ්නයද තම අනුමාන ප්‍රශ්න පත්‍රයේ අකුරක් නෑර් ලබාදී තිබේ.මෙසේ ප්‍රශ්න අනුමාන කල හැකිද?මෙසේ කල හැකිනම් අද ඔහු ටියුෂන් ගුරුවරයෙකු නොව තුන් කල් දකින මහා විද්වතෙක් විය යුතුය.
                
පහතින් දැක්වෙන්නේ ඔහු ලබාදුන් ප්‍රශ්නයක් හා විභාග ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්නයකි.



Story behind the O/L science paper leakage.
A famous tuition teacher who conduct science classes in Nittabuwa,Gampaha and Minuwangoda areas has given a model paper which had similar MCQ questions.This tuition teacher who is now famous as Sampath Aththatage has said that he will creep across the towns if his paper won't match the real O/L paper.Now he is under investigation.   

Saturday, December 22, 2012

රවුෆ් හකීම් අධිකරණ ඇමති වුවට පසු නීති විද්‍යාල ප්‍රවෙශ විභාගය සමත් වන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාඅන්‍ය ලෙස ඉහලට..




රවුෆ් හකීම් මහතා අධිකරණ අමාත්‍ය දූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2011 හා2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුවී ඇතැයි

Friday, December 21, 2012

සති 3 ක අනියම් පෙම නිසා බිරිදත් දරුවනුත් මරා පුලුස්සයි.




රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක ගිණි ගැනීමක් නිසා කාන්තාවක් හා ඇගේ දරු දෙදෙනා මියයාම පසුගියදා රටපුරා මහත් ආන්දොලනාත්මක සිදුවීමක් විය.එහි අවදානය තවත් වැඩි වුයේ මරණ පරීක්ෂණයේ දී මෙය මිණී මැරීමක් බව ඔප්පුවීමත් සමගයි.

Thursday, December 20, 2012

ලෝක විනාශය අදයි.




"ලෝක විනාශය"යන්න මේ දිනවල කරලියේ පවතින ඉතා ප්‍රසිද්ධ මතෘකාවකි.නොයෙක් පුද්ගලයින් මාධ්‍ය ආයතන මේ පිළිබද විවිධා කරයේ අදහස් දක්වති.මෙම තේමාවට මුලිකම හේතු සාධකය වුයේ පුරාණ මයා වරුන් විසින් මීට වසර 5000කට පමණ ප්‍රථම එනම් ක්‍රි.පු.3100දී පමණ නිර්මාණය කරණ ලද මායා දින දර්ශනය 2012.12.21වැනි දිනෙන් අවසන් වීමයි.