තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට ප්‍රහාරයක්
දකුණු
ඉන්දියාවේදී වේලක්කන්නි දේවස්ථානය වන්දනා කිරීමට හලාවතින් ගිය කිතුණු
බැතිමතුන් පිරිසකට තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් සිදුකල පහරදීමක්
පිළිබදව පසුගියදා වාර්ථා විය.
184 දෙනෙකුගෙන් සමන්විත මෙම වන්දනා කරුවන් පිරිස ඉන්දියාවේ වේලක්කන්නි
දේවස්ථානය අසලට ගිය විට කොටි ධජ හා ප්රභාකරන්ගේ ජායාරූප රැගත් විශාල
පිරිසක් පැමිණ කෑකෝගසමින් හා තර්ජනය කරමින් ලාංකිකයින් ගමන් ගත් බස් රථ වලට
පහර දී ඒවාට දැඩි ලෙස අලාභානි කර ඇත.මෙම පහරදීම් නිසා ලාංකිකයින්ට බරපතල
හානියක් සිදුවී නැතත් ගල් පහරවල් වැදීම නිසා කිහිප දෙනෙකුට සුළු තුවාල
සිදුවී ඇත.
පසුව
එරට පොලීසිය මැදිහත් වී ඔවුන් ට්‍රිචි ගුවන් තොටුපලට ගෙනවිත් ඇති අතර විශේෂ
ගුවන් යානයකින් නැවත ලංකාවට ගෙන ඒමට කටයුතු කරණ ලදී.දැනට තමිල්නාඩුවේ
සන්චාරය නොකරන ලෙස සියළු ලාංකිකයිනට දන්වා ඇත.වසරකට ලාංකික බෞද්ධ හා කිතුණු
බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවට යන නිසා කොටි හිතවාදීන්ගෙන් ඔවුන්ට
එල්ලවන බලපැම් නතර කිරීමට ඉන්දිය රජයද මීට වඩා කටයුතු සම්පාධනය කල යුතුව ඇත.
No comments:
Post a Comment